පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරු 400ක් යලි රෝහල් සේවයට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙසට දැනට පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400 දෙනෙකු නැවත රෝහල්වල නිදහස් කිරීමට  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන ඇත

නියෝජ්‍ය සංස්කාරක වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේ , සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නිදහස් කිරීම සිදු කරන බවය.

මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, එම රෝහල මෙතෙක් කොරෝනා රෝගීන් නිරෝධායනය කිරීම සඳහා යුද හමුදාවට ලබා දී තිබූ බවයි.

ඊට අමතරව අක්මීමන හා හබරාදුව ප්‍රදේශයේ ද අතරමැදි රෝහල් 02ක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ ය.