පස්සර අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

Picture of අසංක

අසංක

ජීවිත දාහතරක් බිලිගනිමින් පස්සර දී සිදු වූ මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වු මගීන් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට අද (27) පියවර ගෙන තිබේ.

එහිදී ජීවිතක්ෂයට පත්වූ 14 දෙනා වෙනුවෙන් රුපියල් 95,000 බැගින් සහ තුවාල ලැබු මගීන් 32 දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් ලබාදී ඇත.

ලුණුගල බහුකාර්ය ගොඩනැගිල්ලේදී අද මියගිය මගීන් උදෙසා ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් රුපියල් 30,000ක් ද ගමනාගමන කොමිෂන් සභාවෙන් රුපියල් 25,000ක් ද ලීසිං සමාගමෙන් රුපියල් 25,000 ක් සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් රුපියල් 15,000ක් ලෙස ද ලබාදී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ පිරිසට රුපියල් 15,000 බැගින් ලබාදී ඇත්තේ ගමනාගමන කොමිෂන් සභාව විසිනි.

ඉකුත් විසිවැනි දා ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක් ටිපර් රථයකට ඉඩදීමට යාමේදී පස්සර 13 කණුව අසලදී අඩි 250 ක පමණ ප්‍රපාතයට බස් රථය පෙරළී මාරක අනතුරක් සිදුව තිබුණි. එහිදී පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර බස් රථයේ සහ ටිපර් රථ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.