නවතම පුවත්

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම අද

අසංක

අසංක

අනුරාධපුර පුජා නගරයේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරිමේ පුණ්යෝත්සවය මැදින් පුන් පොහෝ දිනය යෙදෙන අද(28) සිදුකෙරේ.

සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

අතීතය අනුව යමින් 2009 යුද ජය සැමරීමත්, එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු‍ දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන, එවකට ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම අරැඹිණි.

2010 නොවැම්බර් 22 වැනිදා එය ආරම්භ කළ අතර 2014 නොවැම්බර් 23 වැනිදා එහි ගර්භයේ ධාතු නිධන් කිරීම සිදුවිය.

දශක තුනක කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය ජන සමාජය ඇතුළත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව පීඩනයට හා අසහනයට පත්කළ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලබාගත් ජනතා විජයග්‍රහණය සැමරීම පිණිස හා ලක්බිමට ස්ථිර සාමය උදාවීම සැමරීම් පිණිස පළාත් නමය පුරා ඉදිවන මහා වෛත්‍ය නමයේ ප්‍රථම චෛත්‍ය ලෙස සඳහිරු සෑය ඉදිවෙයි.

අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි දුටුගැමුණු රජ හා එළාර රජ මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජ ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි.

රුවන්වැලිසෑය එදත් අදත් අපේ රටේ ලොකුම හා උසම ස්තූපයයි. එහි උස අඩි 299 කි. බුදු රජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති ස්තූපය ලෙස එදත් අදත් අපේ බෞද්ධ ජනතාව එයට ගෞරවය පුද පූජා පවත්වති. එයට ගරු කිරීමක් ලෙස සඳහිරු සෑය එයට අඩි 18 ක් අඩුවෙන් එනම් අඩි 281 ක් උසින් යුක්තව ඉදිකිරීම කරනු ලැබේ.

අඩි 281 ක් උසට ඉදිවන මෙහි පළල අඩි 255 කි. වට ප්‍රමාණය අඩි 801කි. සඳගිරිසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි. වැලි මළුව අක්කර 6 ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් අයත්වේ. සලපතල මළුව අක්කර 4 ක් හා රූඩ් 2 ක් ආවරණය කරයි. වෛත්‍යයට පමණක් අයිතිවන මුළු භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් වෙයි.

ස්තූපයේ සම්පූර්ණ යෝධ ඉදිකිරීම සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 300 ක් සිමෙන්ති කොට්ට 150000 ක් වැලි කියුබ් 12300 ක් කළුගල් කියුබ් 50000 ක් ඒබීසී මිශ්‍රණය කියුබ් 20000 ක් අවශ්‍ය බව සිවිල් ඉංජිනේරුවන් ඇස්තමේන්තු කර තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ 21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරුණු විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වනු ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්