කුරුණෑගල, ප‍්‍රදේශයෙන් වාර්තා වූ භෝග වනසන පළගැටි විශේෂය මේ වනවිට දකුණු පළාතට මෙන්ම සබරගමු පළාතටද ව්‍යාප්තවී ඇත .
ඒ අනුව කෑගල්ල සහ මාවනැල්ල හා මාතර, පූරුගමුව සහ වලකන්ද යන ප‍්‍රදේශවල පොල් සහ රබර් යන භෝගවලටද මෙම පළගැටියන් හානි කරන බව වාර්තාවේ.
මෙලෙස සීග‍්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති මෙම පළගැටි විශේෂය සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ කීපයක්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර . ඔවුන් පවසන්නේ වෙනත් වසරවලට සාපේක්‍ෂව මෙම වසරේදී මෙම පළගැටි විශේෂයේ ගහණය සීග‍්‍ර ලෙස වැඩිවී ඇති බවය.
කෙසේවෙතත් මේ වනවිට පවතින තත්ත්වය දැඩි අවදානම් තත්ත්වයක් නොවන බව දෙපාර්තම්නේතුව සඳහන් කර ඇත .