දකුණු කොරියාවේ ගිජැං නගරයේදී හෙට දින ආරම්භවන දහ අටෙන් පහළ ලෝක කුසලාන බේස්බෝල් තරගාවලියට විනිසුරුවරයෙකු ලෙස එක්වීමට ශ්‍රි ලංකාවේ සුජීව විජේනායක මහතා සමත්වී තිබේ. ශ්‍රී ලාංකේය පුරවැසියෙකු ලෝක කුසලාන බේස්බෝල් තරග විනිසුරුවරයෙකු ලෙස මෙන්ම ලෝක කුසලාන තරගාවලියක පිටියට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ලෝකයේ රටවල් 12ක් මෙවර ලෝක කුසලාන තරගාවලියට තේරී පත්ව සිටින අතර අදාල වටයට පිවිසීම දක්වා ශ්‍රි ලංකාව සිටිනුයේ තවමත් ඈතිනි.
නමුත් බටහිර ආසියානු කුසලානය දිනාගනිමින් ශ්‍රි ලංකාව මෑත කාලයේ ඉතා ජනප්‍රිය ක්‍රිඩාවක් බවට තරුණයන් අතර ජනාධරයට ලක්වී තිබේ.
බටහිර හා නැගෙනහිර ආසියා තරග නියෝජනය කරන රටවල් විස්සකට අධික සංඛ්‍යාවකට සිය විනිසුරුවරයෙක් ලෝක කුසලාන තරගාවලියට එක් කිරීමට නොහැකිව තිබියදී සුජීව විජේනායකට මෙම ආරාධනාව ලැබී ඇත්තේ ලෝක බේස් බෝල් සම්මේලනය විසින් වීම කැපී පෙනෙයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවන සුජීව විජේනායක මෙරට බේස්බෝල් උන්නතිය වෙනුවෙන් කැපවී සිටින්නෙකි. අලුත් පිම්මට රට වෙනුවෙන් සුජීව විජේනායකට thecolomboexpress.com මෙසේ සුබ පැතුම් එක්කරයි.