නවතම පුවත්

පළමු වරට ඩිජිටල් ලෙස විවෘත වූ වසර 3500ක් පැරණි පාරාවෝ මමියකින් හෙළිවූ රහස්

අසංක

අසංක

වසර 3,500ක් පැරණි පාරාවෝවරුන්ගේ රාජකීය මමියක් විසින් එම්බාම් කරද්දී යොදාගත් ලිනන් තට්ටුවක්වත් ගලවා නොගෙන තාක්ෂණිකව විවෘත කර තොරතුරු අනාවරණය කර කරගැනීමට ඊජිප්තු විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.

1 වන අමෙන්හොටෙප් රජුගේ මමීකෘත දේහය සමඟ සහස්‍ර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටි රහස් හෙළිකර ගැනීමට අධි තාක්ෂණික X-ray සහ පරිගණකගත ටොමොග්‍රැෆි (CT) ස්කෑනිං භාවිතා කර ඇත.

ප්‍රකට ඊජිප්තු විද්‍යාඥයෙකු සහ පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයෙකු වන සාහි හවාස් පවසන පරිදි පළමු වතාවට මමියට බාධා නොකර මමිය පිළිබඳ තොරතුරු දැනගැනීමට මෙමගින් හැකි වී ඇත.

කයිරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විකිරණ විද්‍යා මහාචාර්යවරයෙකු වන හවාස් සහ ආචාර්ය සහාර් සලීම් විසින් කරන ලද අධ්‍යයනයක මෙම සොයාගැනීම් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලදී.

ස්කෑනිං තාක්ෂණය භාවිත කරමින් පාරාවෝ රජුගේ මුහුණ දැක ගැනීමට පර්යේෂකයන්ට හැකි විය.

ඔහු මිය යන විට ඔහුගේ වයස, උස සහ ඔහු කෙතරම් සෞඛ්‍ය සම්පන්නව සිටියාද යන්න ද ඔවුහු සොයා ගත්හ.

අධ්‍යයනයෙන් ජනනය කරන ලද ත්‍රිමාණ රූපවලින් පෙනී ගියේ 1 වැනි අමෙන්හොටෙප් හට පටු නිකටක්, කුඩා නාසයක් සහ මෘදු ලෙස නෙරා ඇති ඉහළ දත් සහිත ඕවලාකාර මුහුණක් තිබූ බවයි.

මිය යන විට ඔහු වයස අවුරුදු 35 ක් පමණ වූ බව, පර්යේෂකයන් විසින් ඔහුගේ අස්ථි විශ්ලේෂණය මත පදනම්ව තහවුරු කරන ලදී.

ඔහු මිය ගිය ආකාරය පෙන්නුම් කිරීමට කිසිදු රෝග හෝ තුවාලයක් නොමැතිව සාමාන්‍ය යහපත් සෞඛ්‍ය තත්වයක සිටි බවට ද සොයා ගෙන තිබේ.

ඔහුගේ දත් නොවෙනස්ව තිබූ බවද කැපී පෙනුණු ලක්ෂණයක් බව පර්යේෂකයෝ කියති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්