පළාත් අතර ගමන් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට – අත්‍යාවශ්‍ය සේවාවන්ට අවසර

Picture of අසංක

අසංක

පළාත් අතර සංචරණය සීමාව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මැයි 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර
පළාත්‌ සංචරණ සීමා පැනවෙනු ඇත.

කෙසේවෙතත්‌ එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා කීය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක
වන ආකාරය පිළිබඳ වැඩිදුර විස්තර
ඉදිරියේදී නිවේදනය කරන බවද හෙතෙම සඳහන්‌ කළේය.