බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
සබරගමුව පළාතේත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් මිලිමීටර
50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ති‍්‍රක්කවලත් පස්වරුවේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 2 යි දශම 5 ත් අතර දක්වා ඉහළ යාමේ හැකියාවක් පවති