පළාත් සභා ඡන්දය  කඩිනම් කරන යෝජනාව  අද කැබිනෙට්ටුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් අද (14) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.
 වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇත.
එබැවින් එය කඩිනමින්  පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව අද රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
රටේ මතුවූ වසංගත තත්ත්වය හමුවේ මෙවරත් අමාත්‍ය මණ්ඩල රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.