පළාත් සභා ඡන්දය තියන්න ජනපතිට බලයක් නෑ – විනිසුරු තීන්දුව ජනපතිට

Picture of අසංක

අසංක

සීමා නීර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා ‌වෙත භාරදී ඇති සීමා නිර්ණය වාර්තාවේ සදහන් සීමා මායිම් ප්‍රකාශයට පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැති බැවින් ‘පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය ‌නොහැකි බව’ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒ්කමතික තීරණය ජනාධිපතිවරයාට දන්වා තිබේ.

ජනාධිපති ‌‌ලේකම්වරයා විසින් ‌මෙම විනිසුරු මඩුල්ලේ තීන්දුව නිවේදනය කර ඇත.

තව ද අර්ථ නිරූපණ ආඥා පනත පරිදි අදාළ සං‌ශෝධනයට ‌පෙර පවතින නීති යටතේ ද ඡන්දය පැවැත්වීමේ හැකියාව ‌නොමැති බව ඒහි සදහන් ‌වේ.