නවතම පුවත්

මාලදිවයින-ලංකාව අතර ගිවිසුම් 4ක්

අසංක

අසංක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය අතරතුර දී අවබෝධතා ගිවිසුම් හතරක් අද දින හුවමාරු කර ගෙන තිබේ.

ඒ දෙරට අතර වීසා නිකුත් කිරීම තවදුරටත් පහසු කිරීම, සමාජ ආරක්‍ෂණය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය යන ක්ෂේයන් සම්බන්ධයෙනි.

මීට පෙර පැවැති ගුවන් තොටුපොලේ දී වීසා ලබා ගැනීමේ පහසුකම තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව දින 90 ක වීසා පහසුකම නොමිලයේ ලබාගැනීමට දෙරටේ පුරවැසියන්ට තවදුරටත් අවස්ථාව ලැබෙනු ඇත.

එසේම දෙරට අතර ව්‍යාපාරික හෝ ආයෝජන කටයුතුවල නිරත වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් හට අනේවාසික ව්‍යාපාරික වීසා පහසුකම ලබා ගැනීමේ අවස්ථාව ද මෙම ගිවිසුමට අනුව අලූතින් සැලසේ. 

දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මාලදිවයිනට ළඟාවිය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස, එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

දූත පිරිස වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට විශේෂ යාත්‍රා පෙරහරකින් මාලේ නුවර ජනරජ චතුරස්‍රය වෙත කැඳවාගෙන ලැබීය.

මාලේ නුවර ජනරජ චතුරස්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ජනරජ චතුරස්‍රය අසල, ඉසුදීන් ජැටියේ දී, මාලදිවයින් ජනාධිපති ඊබ්‍ර‍හිම් මොහොමඩ් සෝලි මහතා සහ එරට මැති ඇමැතිවරු විසින් මහත් උත්කර්ෂවත් අන්දමින් පිළිගෙන තිබුණි.

අනතුරුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එරට ජනරජ චතුරස්‍රය වෙත කැඳවා ගෙනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් ආචාර වෙඩිමුර හතක් පවත්වා ආචාරය දැක්වීය.

අග්‍රාමාත්‍යවරයා රතු පළස මතින් ගොස් හමුදා උත්තමාචාරය පිළිගනු ලැබීමෙන් පසු මාලදිවයින් සංස්කෘතිකාංග පිළිබිඹු කෙරෙන නර්තන පෙරහරකින් දූත පිරිස එරට ජනාධිපති මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලැබූහ.

මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍ය රාවුෆ් හකීම්, අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්