පළාත් සභා මැතිවරණය ගැන පංච පුද්ගල විනිසුරු මතය ජනපතිට

Picture of අසංක

අසංක

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති පසුබිමක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනපති කර ඇති මත වීමසීමට අදාල පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ රහසිගත තීන්දුව ජනපතිට යවන බවට අද තීන්දු විය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ආරම්භ වු නඩුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13 ක් ඉදිරිපත් වී තිබෙන බවය.

පළාත් සභා වල සීමා නිර්ණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද 139 කින් පරාජය කර ඇති බව අධිකරණය වෙත දැන්වීය.

ඉන් අනතුරුව එම සීමා නිර්ණය වාර්තාව නැවත අධ්‍යයනය කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් පත් කර ඇතත් වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.