හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම අනෙකුත් පනවන ලබන සීමාවන් පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හෙට දිනයේ දී නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් ආසාදිතයින් පිරිසක් තවමත් හමුවන බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාපතිවරයා පැවසිය.
කොල්ලුපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේය.