නවතම පුවත්

ස්නෝඩන්ට රහසේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික සරණාගතයන්ට කැනඩාවේ රැකවරණය හිමිවෙයි

අසංක

අසංක

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවය කරමින් සිට රාජ්‍ය රහස් හෙළිකොට එඩ්වඩ් ස්නෝඩන් රුසියාවට පලායන අතරතුර හොංකොං හිදී රහසිගතව විසීමට ටික දිනක් නවාතැන් සැපයූ ශ්‍රී ලාංකිකයන්ට කැනඩාවේ දේශපාලන රැකවරණය ලබාදී තිබේ.

සුපුන් තිළිණ කැල්ලපත, නදීකා දිල්රුක්ෂි නෝනිස් සහ ඔවුන්ගේ දරුවන් වන සෙතුම්දි සහ දිනත් යන සිව්දෙනා අඟහරුවාදා ටොරොන්ටෝ වෙත ගොඩ බැස තිබේ. අඹුදරුවන් ද ඇතුළු හත්දෙනකුගෙන් යුත් එම කණ්ඩායමේ සාමාජිකයකු වන ශ්‍රී ලංකා යුද හමුදාව අතහැර ගිය අජිත් පුෂ්පකුමාර තවමත් හොංකොං හි රැඳී සිටි. ඔහුගේ රැකවරණ ඉල්ලීම කඩිනම් කිරීම සඳහා ඔටාවා වෙත කළ ඉල්ලීම නැවත අලුත් කළ ද, ‘ඔහුගේ ආරක්ෂාව තවමත් අවදානමට ලක්ව ඇතැයි පැවසේ. අජිත්ගේ බිරිඳ පිලිපීන ජාතික කාන්තාවක වන අතර ඔවුන්ට දරුවකු ද සිටී.

සරණාගතයින් සඳහා වන ආයතනයේ සභාපති මාර්ක්-ඇන්ඩ්රි සෙගුයින් පැවසුවේ, “අවසාන ප්‍රතිඵලය ගැන අපි සතුටු වෙමු-අවම වශයෙන් හතෙන් හයක් සඳහාවත් රැකවරණ ලැබීම ගැන.” යනුවෙනි. මොන්ට්රියල් බලා යන එක් පවුලක් නව ජීවිතයක් ආරම්භ කිරීම පිළිබඳ එඩ්වඩ් ස්නෝඩන් සිට ට්විටර් සමාජ ජාලයේ සටහනක් තබමින් පවසා තිබුණේ මෙය දිගු කලකට පසුව අසන්නට ලැබුණු හොඳ ආරංචියක් බවයි.

සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකියන් කණ්ඩායමය හොංකොංහි ඉතා කුඩා තාවකාලික නවාතැනක සිට තිබුණේ ජීවත්වීමට පවා අසීරු අවධියක් පසුකරමිනි. 2013 ජුනි මාසයේ ඔවුන් විසින් ස්නෝඩන්ට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණේ ස්නෝඩන්ගේ නීතිඥවරයාගේ ඉල්ලීම පරිදි ය. තමන්ට වත් හරිහැටි වාසය කළ නොහැකි පුංචි ඉඩකඩ ස්නෝඩන්ට සමග ඔවුන් බෙදාගත්තේ ඔහු කවුදැයි හරිහැටි නොදැන ය. ඔවුන් හරියටම ස්නෝඩන් කවුදැයි දැනගන්නා විට ස්නෝඩන් එම ස්ථානයෙන් ගොස් අවසානය. මෙම නවාතැනේ සිටි පුද්ගලයන් තමන්ගේ ජීවිතයේ අමාරුකම් පසෙකලා ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වීම ගැන ස්නෝඩන් නිතර කෘතඥ විය.

ස්නෝඩන්ගේ හොංකොං නීතීඥ රොබර්ට් ටිබ්බෝ පැවසුවේ ශ්‍රී ලාංකිික පවුල් දෙකට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්‍ෂේප කළ බවයි.‍ මේ හේතුවෙන් ඔවුන්ට කැනඩාවේ දේශපාලන රැකවරණ ලබාගැනීමට ස්නෝඩන්ගේ නීතිඥවරයා අවශ්‍ය කටයුතු සලසා තිබු‍ණි.

එඩ්වඩ් ස්නෝඩන් රුසියාවට පලායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් සහ පිලිපීන කාන්තාවන් ඇතුළු පිරිස සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ බව ස්නෝඩන් පෙරදී පවසා තිබුණි. මෙම පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම ‘විස්තර කළ නොහැකි ඛේදවාචකයක්’ බව, ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් මීට පෙර පවසා තිබුණි. ස්නෝඩන් වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටි.

ඇමෙරිකානු NSA ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් එක්සත් ජනපදයෙන් පළා ගියේය.

ස්නෝඩන්ගේ කතා පුවත පිළිබඳව ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කරන ලද සිනමා කෘතිය එළිදැක්වීමට නියමිතව තිබියදී, කැල්ලපත සුපුන් තිළිණ සහ ඩීකේ අජිත් පුෂ්පකුමාර ගේ නම් ඔවුන්ගේ නීතිවේදී රොබට් ටිබ්බෝ විසින් හෙළිකරනු ලැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්