නවතම පුවත්

පළිබෝධ තහනම රිවස් කළ රෙජිස්ට්‍රාර් ඉවතට පෙර චෝදනාත් එළියට

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පළිබෝධනාශක 5ක් තහනම් කරමින් 2014 දී නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීම හේතුවෙන් ධුරයෙන් පහ කිරීමට නියෝග කර ඇති පළිබෝධ රෙජිස්ට්‍රාර්වරයා මීට පෙර ද රසායනික සමාගම්වල අවශ්‍යතාවට අනුව ඊට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම පිළිබඳ විනය පරීක්ෂණවලට ලක්වූවකු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියාසිටියේ  මෙම නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීමට තමා නියෝග කළ බවට මැතිසබය වෙත කරුණු දක්වමිනි.

මෙරට තුළ ප්‍රදේශ ගණනාවක ජනතාවගේ වකුගඩු රෝගවලට හේතුවන බවට සැළකුණු ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ 5ක වසර 7ක් තිස්සේ තහනම්ව තිබූ නමුත් මෙම ගැසට් නිවේදනය මගින් එය අවලංගු විය. කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇති පරිදි පළිබෝධ රෙජිස්ට්‍රාර්වරයාගේ නව ගැසට්ටුව බල රහිත කෙරෙන අතර තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.

එහිදී මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“මේ පුද්ගලයා විසින් මීට කලිනුත් රසායනික සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වන්න කටයුතු කරල මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ රජය මේ තීන්දුව ගනිද්දී අමාත්‍යාංශය විදියට අපට තියෙන ලොකුම අභියෝගය තමයි මේ රසායනික පොහොර සමාගම්, රසායනික පොහොර ආනයනකරුවන් අපි අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක පහුගිය කාලය පුරාම කටයුතු කරලා තියෙනවා. ඒ නිසාම ඒක මීට කලිනුත් පළිබෝධනාශක ගෙන්වීමට කටයුතු කිරීමේ දී, කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ දී මේ පුද්ගලයා විසින් සමාගමකට පක්ෂව යෝජනාව එවලා තිබුණා කැබිනට් මණ්ඩලයට. දෙවනි වරටත් ඒ විදියටම එවල තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා එම තනතුරෙන් ඉවත් කරන්න උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ග්ලයිෆොසෙට් තහනම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව සඳහන් කරන්න කැමතියි.” යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

මේ අතර පළිබෝධනාශක ආනයනකරුවන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ද ඊයේ (23) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විය.

එළවළු සඳහා අවශ්‍ය දිලීර නාශක සහ පළිබෝධනාශක ආනයනය, දැනට ආනයනකරුවන් සතුව පවතින දිලීර නාශක සහ පළිබෝධනාශක සහනදායි මිල ගණන් යටතේ අලෙවි කිරීමට එහිදී උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්