නවතම පුවත්

ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි – ප්‍රතිභා මහානාමහේවා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල, ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීම සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත් විය යුතු බව මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කර සිටී .

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, ” ප්‍රතිසංස්කරණ සඳහා ජනතා සභාව” ජනගත කිරීම වෙනුවෙන් පසුගියදා තලවතුගොඩ ජැට් හෝල්ඩින්ග්ස් ශ්‍රවනාගාරයේදී පැවති සමාරම්භක උත්සවයේදීය.

නීතියේ ආධිපත්‍යය රට තුල නිසි ලෙස ස්ථාපිත කිරීමට මෙන්ම රට තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහාද පුරවැසි සංවිධාන මුල් විය යුතු බව මහාචාර්යවරයා මෙහිදී පැවසීය .

ප්‍රතිසංස්කරණ සඳහා ජනතා සභාව ජනගත කිරීමේ උත්සවය, නව ක්‍රමයක්, අභිමානවත් රාජ්‍යයක් යන තේමාව යටතේ පැවැත්විණ.

උත්සවය ආරම්භයේදීම මෙම නව සංවිධානයේ දැක්ම , මෙහෙවර හා අරමුණු පිළිබඳව තොරතුරු රැගත් වීඩියෝවක් ප්‍රචාරය කෙරින.

ගෞරවනීය පුරවැසියන්ගෙන් යුතු අභිමානවත් රාජ්‍යයක් යන්න මෙම නව සංවිධානයේ දැක්ම ලෙස මෙහිදී අනාවරණය කෙරුණු අතර සංවිධානයේ මෙහෙවර, ආර්ථික දේශපාලන සමාජයීය ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වාදෙනු ලැබීය,

එසේම මෙම ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා සභාවේ අරමුනු ලෙස, ස්වයං පෝශිතත්වය ඉලක්ක කරගත් තිරසාර ආර්ථිකයක් බිහිකිරීම, සදාචාරාත්මක වශයෙන් ශික්ෂණය කරන ලද සමාන අයිතිවාසිකම් හා අවස්ථා ඇති, වගකීමෙන් හා වගවීමෙන් යුතු සමාජයක් බිහිකිරීම, දේශපාලන සවිඥානක ජනතාවක් හා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියකින් යුත් නව දේශපාලන පද්ධතියක් බිහි කිරීම යන කරුණු ඉදිරිපත් කෙරුණි.

“මේ රටේ මෑත කාලය තුල වරින් වර විවිධ පුරවැසි සංවිධාන බිහිවුණා, ඒවා බොහොමයක් අසාර්ථක වුනා, ඕනෑම සංවිධානයක් නිවැරදි දැක්මක් සහිතව පිහිටුවිය යුතුයි. රටට නව ප්‍රතිසස්න්කරන හඳුන්වාදීම අත්යාවශ්‍යවී තිබෙනවා. මෙම නව සංවිධානයට ඒ සඳහා අවශ්‍ය සම්පත් තිබෙනවා. නව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත්, ඒවා අදාළ වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කිරීමටත් මෙවැනි සංවිධාන වලට කල හැකියි. එය වැදගත් කාර්යභාරයක්.” යැයි මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

” පවතින දේශපාලන සමාජ තත්වයන් වෙනස් කිරීම සඳහා දේශපාලකයින්ට, බුද්ධිමතුන්ට මෙන්ම ව්‍යපාරිකයින්ටද විශාල වගකීමක් පැවරෙනවා. සිවිල් ජනතාව සතු බලය කිසිලෙසක අවතක්සේරු කරන්න බැහැ.” යැයි මෙ අවස්ථාවට එක්වු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා කියා සිටියේය.

මෙම නව සංවිධානය බිහිකිරීමට මුල්වූ හේතු පැහැදිලි කරමින් මෙම සභාවේ නායකත්ව මණ්ඩල සභික ශර්මිලා ගෝනවල මහත්මිය මෙසේ පැවසුවාය.

“පසුගිය වසර කිහිපය පුරාම ජනතාව , ආණ්ඩු වෙනස් කරමින් , පාලකයන් වෙනස්කරමින්, උද්ඝෝසණ, අරගල සිදු කරමින් බලාපොරොත්තු වුයේ system change එකකි. නමුත් අද වනතුරු ඔවුන්ට එම ‘වෙනස’ ලැබී නොමැත . මෙරට දේශපාලන පක්ෂ මේ වනවිටත් පෙර සේම පොරොන්දු දේශපාලනයේ නිරතව , ජනතාව මුලාකිරීමේ නිරතව සිටී . මේ ක්‍රමයෙන් වාහාම මේ රට මුදවාගෙන රට නිසි මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මේ මොහොතේ පැන නැගී ඇත.

”සැබෑ system change එකක් යනු රටක සමස්ථ පාලන ව්‍යුහය තුලම සිදුකරන වෙනසකි. රාජ්‍ය පාලනයට අදාල පරිපුර්ණ පද්ධතිය, ආර්ථිකය, සමාජය හා දේශපාලනය යන මූලික කරුණු තුන මත පදනම් වන අතර System Change යනු රාජ්‍යයේ පාලනයට අදාළ එම පද්ධතියම වෙනසකට ලක්කිරීමයි. එහිදී මුළින්ම අපට ගැලපෙන දේශපාලන, ආර්ථික හා සමාජ ක්‍රමවේදයන් හඳුනාගෙන ගත යුතුය. අනතුරුව දැනට ක්‍රියාත්මක පද්ධතිය වෙනුවට එම නව පද්ධතිය ආදේශ කරගත යුතුය”

System change එක සදහා රාජ්‍ය ක්‍රමවේද හා ප්‍රතිපත්ති ගොඩ නැගිය යුත්තේ රාජ්‍ය සදහා ගොඩ නගන ස්ථාවර දර්ශනයක් තුලය. එනම්, රාජ්‍යයක් සාර්ථකත්වය කරා ගෙනයාමට නම් , එම රාජ්‍යයට ගැලපෙන නිසි දර්ශනයක්, දැක්මක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය ය

රාජ්‍යයට ගැලපෙන ලෙස ගොඩ නගන ලද දර්ශනය, නායකත්වයේ තබා ගනිමින් රාජ්‍ය කරවීම බෙහෙවින් වැදගත්වේ. එනම් මැතිවරණයකදී සිදුවිය යුත්තේ එම දර්ශනය අඛණ්ඩව නිසි ලෙස පවත්වාගෙන යාමට හා ආරක්ෂා කිරීමට කිරීමට සුදුසු භාරකාරයන් පත් කිරීම පමණකි. එනම්, බුදුන් වහන්සේ ධර්මය නායකත්වයේ පවත්වාගෙන යාමට දේශනා කල සේ, මින් පසු රාජ්ජයේ නායකත්වය හිමි විය යුත්තේ එහි දර්ශනවාදයටයි. එය ආරක්ෂා කිරීමට සුදුසුම පුද්ගලයා රාජ්‍ය නායකයා බවට පත් වන අතර ඔහු හුදෙක් භාරකාරය පමණි.

මෙහිදී , සැබෑ system change එකක් තුලින් රටේ රාජ්‍ය ක්‍රමවේදයන්, ප්‍රතිපත්තීන්, සැලසුම් හා සංවර්ධනය ක්‍රියාවලින් දීර්ඝ කාලිනව රටට වැඩදායක ලෙස සැලසුම් සහගතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යාන්ත්‍රනය සැකසෙනු ඇත . මේ හරහා වංචාකාරී දුශ්චරිත දේශපාලකයන් වෙනුවට රටට හිතැති රාජ්‍ය තාන්ත්‍රිකයන් පමණක් බිහි කරනු ඇති අතර , පක්ෂ පාට හා විවිධ අයුරින් බෙදී අවිඥානිකව ඇන කොටා ගන්නා සැමදා දුකට පත් කරන ලද පිඩිත ජනතාවක් වෙනුවට සමගි සම්පන්න දැඩි ජාතික හැගීමකින් යුතු සවිඥානික සමුර්ධිමත් සතුටින් පිරි ජනතාවක් බිහි වනු ඇත.

ඒ අනුව මෙතුවක් කාලයක් රට ගොඩ නැගීම පිණිස රටට ගැලපෙන දර්ශනවාදයක් හා ඒ මත පදනම්ව ගොඩ නැගු ආර්ථික සමාජ දේශපාලන පද්ධතියක් ඉදිරිපත් කිරීමට කිසිවකු සමත් නොවීමේ අඩුව පිරවීමේ අරමුණින් “ප්‍රතිසංස්කරණ සදහා වූ ජනතා සභාව” ලෙස අප ඉදිරියට පැමිණ සිටින්නෙමු .”

දේශපාලන පක්ෂ නියෝජිතයින් , සිවිල් සංවිධාන ප්‍රධානීන් ,සමාජ ක්‍රියාකාරීන් , මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ .

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!