නවතම පුවත්

ප්‍රභූන් ගැවසෙන තැනක ෆේස්බුක් මත්සාදයක් – පාසල් සිසුනුත් තැන තැන වැටිලා

අසංක

අසංක

කොළඹ පිහිටි කුළුණු දෙකකින් යුක්ත මහල් ගොඩනැගිල්ලක 30 වැනි මහලේ අහසට විවෘතව ඇති ප්‍රභූවරු සහ ධනවකුන් නිතර ගැවසෙන අවන්හලක පැවති මත්ද්‍රව්‍ය සාදයක් අද (15) අලුයම වැටලූ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන බලකාය මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි තරුණියක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සිදුවන විට 200ක පමණ තරුණ පිරිසක් මෙහි රැදී සිට ඇත.

අත්අඩංගුවට ගත් තරුණිය නීති ශිෂ්‍යාවක් බවත් තරුණයින් තිදෙනා අතර මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සිටින බවත් පොලීසිය කියයි.

මෙම ස්ථානයේ සති අන්තයේ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සාද මුහුණු පොත හරහා සංවිධානය කර පවත්වන බවට ලද තොරතුරකට මෙම වැටලීීම කර ඇත්තේ අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුවය.

වැටලීම සිදුවන විට ජාත්‍යන්තර පාසල්වල දරුවන් රැසක් පවා සිට ඇති අතර ඒ අය මත්ද්‍රව්‍ය භාවිතා කර තැන තැන විටී සිට ඇත.

මෙම සාදය පැවැත්වෙන අවන් හලට ඇතුළු වීමට රුපියල් 6000ක මුදලක් අයකරන බව සඳහන්ය. මෙහි ඇතුලු වීමෙන් පසු තමන් කැමති ඕනෑම මත් ද්‍රව්‍යක් මිලදී ගෙන භාවිතා කිරීමට හැකියාව ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්