නවතම පුවත්

ප්‍රවේශමෙන්: දිස්ත්‍රික් 12කට අද ප්‍රබල අකුණු

අසංක

අසංක

දිස්ත්‍රික් 12කට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල කෑගල්ල, වවුනියා, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මෙම අවදානම පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ආරක්ෂිත පියවර:

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.

  • එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න.
  • කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදීසිටීමෙන් වලකින්න.
  • රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.
  • බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.
  • තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න.
  • හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය පතන්න.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්