ප්‍රාථමික සහ ද්විතික පන්ති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් ගණන දක්වමින් නචක්‍රෙල්ඛයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ සඳහා වන චක්‍ර ලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනප්‍රිය යැයි කියා ගන්නා පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන තිබේ.