නවතම පුවත්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් EPF , ETF ලබාදීමේ සැලසුමක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට පුවත්පත් කලාවේදී කර්මාන්තය සේවා හා වැටුප් ප්‍රමිතියේ තීන්දු කාරක පඩි පාලක සභාව වසර හතකට පසු පසුගියදා රැස්විය. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පඩි පාලක සභාව සඳහා නැවත සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව එම පඩි පාලක සභාවේ ප්‍රථම නිල රැස්වීම කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) කම්කරු දෙපාර්තමේන්තුවේ දී රැස් විය.

1941 අංක 27 දරණ පඩි පාලක සභා ආඥාපනතට අනුව 1983 අගෝස්තු 29 වැනි දින ප්‍රකාශිත ගැසට් නිවේදනය මත 1983 ඔක්තෝබර් 26 වැනි දින ස්ථාපිත කරන ලද පුවත්පත් කලාවේදීන් සඳහා වන පඩිපාලක සභාව මේ රටේ පුවත්පත් කලාවේදීන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන ජාතික ආයතනය වේ. පුවත් පත් කලාවේදීන්ගේ වැටුප්, වැඩ කරන දින ගණන, නිවාඩු,උසස්වීම් වැනි සේවා තත්ත්වයන් ප්‍රමිතිගත කිරීමේ වගකීම පැවරෙන්නේ පඩි පාලක සභා වෙතය. වර්තමාන පඩිපාලක සභාව සේව්‍ය නියෝජිතයන් හත් දෙනෙකු ගෙන් ද සේවක නියෝජිතයන් හත් දෙනෙකු ගෙන් ද ඇමැතිවරයා විසින් නම නියම කොට පත් කරන ලද සාමාජිකයන් තිදෙනකු ගෙන් ද යුක්ත වේ.

එහි දී අදහස් දැක්වූ කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ, වෘත්තීය සමිති නියෝජනය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන්ම නම් කිරීම පඩි පාලක සභාවේ කටයුතුවලට බෙහෙවින් ඵලදායී වන බවය. මේ වන විට පුවත්පත් කලාවේදීන් සදහා වන පඩි පාලක සභාව නියෝජනය වන්නේ මුද්‍රිත මාධ්‍ය පමණක් හෙයින්, මේ වනවිට රටේ ක්‍රියාත්මක රූපවාහිනි, ගුවන් විදුලි හා වෙබ් මාධ්‍ය වෙනුවෙන් පඩි පාලක සභා නියෝජනයක් තිබීමෙි වැදගත්කම මෙහි දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව එහි දී යෝජනා වූයේ පුවත්පත් කලාවේදින් සඳහා වන පඩි පාලක සභාව වෙනම ද විද්‍යුත් මාධ්‍ය සඳහා වෙනම පඩි පාලක සභාවක් ද ස්ථාපිත කිරීම වඩා සුදුසු බවය. පැමිණ සිටි සේව්‍ය හා සේවක දෙපාර්ශවයේම නියෝජිතයන් එම අදහස ස්ථිර කරනු ලැබීය.

ඒ අනුව එම විද්‍යුත් මාධ්‍ය සඳහා නව පඩි පාලක සභාව පිහිටුවීමේහිලා ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීනයන් හා වෘත්තිකයන් ගෙන් සමන්විත සාමූහික වැඩමුළුවක් තුළින් අදාළ යෝජනා සකස් කොට එය නැවත පඩිපාලක සභාවට ඉදිරිපත් කොට අනුමත කර ගැනීම සුදුසු බවට මෙහි දී යෝජනා කෙරිණ. ඒ අනුව ඉතා කඩිනමින් එම වැඩමුළුව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහි දී පඩිපාලක සභා ලේකම් වසන්ත ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය. මේ පිළිබඳව ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය සංවිධාන හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර අදාළ තීරණ ගැනීම සුදුසු බව මෙහි දී ප්‍රකාශ කෙරිණ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්ති නියුක්ති භාර අරමුදල දායකත්වය ලබා දී ඔවුන්ගේ අනාගතයට යම් සුරක්ෂිතතාවයක් ලබාදීම තමන්ගේ ප්‍රධාන ඉලක්කයක් බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මෙම පඩි පාලක සභා රැස්වීමට විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයින්ද ජාතික සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය හා ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති නියෝජිතයින් ද සහභාගී වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්