නවතම පුවත්

ප්‍රේමලාල් ජයසේකර නිදහස් වුනේ මෙහෙමයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මරණීය දණ්ඩනය නියමව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුලු විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කීරීමට අභියාචනාධිකරණය අද (මාර්තු 31) නියෝග කළේය.

රත්නපුර මහාධිකරණය වෙත තීන්දුවේ පිටපතක් යැවීමටද අභියාචනාධිකරණය අද නියම කරනු ලැබීය.

මොවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමේ නියොගය ලබා දෙනු ලැබුවේ, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලයි.

තීන්දුව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය ඔවුන්ට එරෙහි චෝදනාවන්ගෙන් අද නිදොස් කොට නිදහස ලැබීය.


2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වු මෙම විත්තිකරුවන් ට රත්නපුර මහාධිකරණය මගින් 2020 ජූලි 31වැනිදා මරණීය දණ්ඩනය නියම කළේය.


2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර, ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් මොවුන්ට මරණ දඬුවම නියමකර තිබුණි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් නිතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කරණු ලැබ තිබිණි.

ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.

එම නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් භියාචනාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කර තිබුණේය.

විත්තිකරුවන් ගිනි අවි අතැතිව සිටි බවට හෝ වෙඩිතැබීමක් කළ බවට රත්නපුර මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය විත්තිකරුවන් සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබීය.

තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් පෙත්සම් වලින් පෙන්වා දී තිබුණි.

තමන්ම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්