පැතුම් වික්‍රමරත්න
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන වර්ග හතරක් අද (31) දින සිට භාවිතය තහනම් වේ.
පරිසර අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබුණු අතර ඊට කැබිනට් අනුමැතියද හිමි වි තිබිණ
ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට්, කොට්න් බඩ් හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් බඩු මෙම තහනම් ගොන්නට අයත් වෙයි.
මෙම භාණ්ඩ භාවිතය මෙන්ම නිෂ්පාදනය ද තහනම් කර ඇත.
දැනට නිපදවා අවසන් කර තිබෙන නිෂ්පාදන අලෙවි අකර ගැනීමට මාස තුනක කාලයක් සමාගම් වල ඉල්ලීම මත ලබා දී ඇති අතර එම නිෂ්පාදන අපනයනයට තහනමක් පනවා නැති බව ද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.