පැතුම් වික්‍රමරත්න
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවන් ලබන මාසයේ සිට ලිහිල් කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇත.
ඒ අනුව ලබන මැයි මස 11 වනවිට රටේ ජනජීවිතය සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි ර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මාධ්‍ය හරහා අද එරට ජනතාව වෙත පැවසීය .
“පුරවැසියන් නීතිරීති හා නියෝගවලට ගෞරව කරමින් සහ වගකීම් සහගත ලෙස හැසිරුණොත් රටේ ජනජීවිතය මැයි 11 පමණ වෙද්දි සාමාන්‍ය තත්ත්වයට හැරේවි” යයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙහිදී අවධාරණය කළේය .
මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ යම් අඩුවක් දක්නට ලැබේන බවද දක්නට ඇති බව ඔහු එහිදී පැවසීය .