ප්‍රංශය හා ජර්මනිය ලොක්ඩවුන් කිරීමට සැරසෙයි

Picture of අසංක

අසංක

නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ප‍්‍රංශය සහ ජර්මනිය ලොක්ඩවුන් ක‍්‍රමවේදය යටතේ සම්පූර්ණයෙන් වසා දැමීමට එම රටවල බලධාරීන් තීරණය කර ඇත

ඒ අනුව ප්‍රංශය හෙට සිට සති 04 ක කාලයක් වසා දමන බව එරට ජනපති එමානුවෙල් මක්‍රෝන් මහතා නිවේදනය කර ඇති අතර ,එරට ජනතාවට නිවෙස්වලින් පිටතට යාමට අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ සෞඛ්‍ය අවශ්‍යතා මත පමනි . එහිදී අපනශාලා සහ මත්පැන්හල් වසා දැමෙන අතර පාසල් සහ කර්මාන්ත ශාලා තවදුරටත් විවෘතව පවති.

මේ අතර, ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ජර්මනිය ද සති 04 ක කාලයකට වසා දැමෙන බවයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප‍්‍රකාශ කර ඇත . එරට ආපනශාලා, මත්පැන්හල් සහ සමාජ ශාලා ද එම කාල සීමාවේදී වසා දැමෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .