මහ මැතිවරණයේ නිහඬ කාල සීමාව තුල මේ දක්වා සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්ධව පැමිණිලි 2566 ක් ලැබී ඇති බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කර සිටී .
මෙම පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත.
ඉන් සිදුවීම් 1000 ක් පමණ වැළැක්වීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත පැවසීය
නිහඬ කාලය තුලදී සමාජ මාධ්‍ය ජාල භාවිත කර සිදුකෙරෙන මැතිවරණ ප‍්‍රචාරණ කි‍්‍රයා පාලනය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද, එලෙස සිදුකෙරෙන ප‍්‍රචාරණ කටයුතු ඉහළ යමින් පවතින බැවින් පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවද ඒ මහතා පැවසීය