නවතම පුවත්

රට පුරා ඡන්ද පෙට්ටි බෙදූ හැටි

අසංක

අසංක

මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම අද උදෑසන සිට ආරම්භ වූ අතර තවමත් එම කටයුතු සිදුකෙරෙමින් පවතී.

දිවයිනෙහි දිස්ත්‍රික්ක 22ක ඡන්ද මධ්‍යස්ථාන 12985ක් පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම මේ වන විටද සිදුවෙමින් පවතී.

අද දින (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසමේ සභාපතිවරයා පැවසුවේ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන්ගේ පැමිණීම යහපත් තත්ත්වයක පවතින බවයි.

එමෙන්ම මැතිවරණයට අදාල ඡන්ද පෙට්ටි බෙදාහැරීම නිසි ආරක්ෂක ක්‍රමවේද යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුවන බවද, ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවද මැතිවරණ කොමසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

පාර්ලිමේන්තු මැතිවරණය හෙට (05) පැවැත්වීමට නියමිත ය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි