පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට ඉදිරි සති දෙක තුළ ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන 9ක් විමර්ශන සඳහා කැඳවා ඇත.
ඒ අනුව ලබන 20 වනදා සිට සැප්තැම්බර් 6 වනදා දක්වා අදාළ ආයතනවල ප්‍රධානීන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් කාරක සභාව හමුවට කැඳවා තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය,ලංකා සතොස ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජල සම්පදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව සහ පරමාණුක බලශක්ති ආයතනය යන ආයතන මෙලෙස කොප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තාවේ .
අදාළ ආයතනවල කාර්ය සාධනය සහ ප්‍රගතිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේ අරමුණින් මෙලෙස කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි සඳහන් කර සිටී.