නවතම පුවත්

ප්‍රභූවරු ජනතාව ඇන්ඳූ හැටි එළියට – පාස්කු බුද්ධි තොරතුර ප්‍රභූ ආරක්ෂකයන් 268කට යවලා

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමේ බුද්ධි තොරතුර ලැබුණු ඇතැම් ප්‍රභුවරුන් එය කලින් දැනුම්දුන් බව නොපවසන්නැයි සිය ආරක්ෂක නිලධාරීන්ට පාස්කු ප්‍රහාරයෙන් පසු දැනුම්දී ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ අද (14) හෙළිවිය.

එම බුද්ධි තොරතුර මෙරට ප්‍රභූවරුන් 268 දෙනෙකුගේ ආරක්ෂක ප්‍රධානීන්ට පාස්කු ප්‍රහාරයට පෙර යොමුකළ බව ද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා කොමිසමට හෙළි කළේය.

ඔහු එවකට පාස්කු ප්‍රහාරය එල්ලවන විට ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිට ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තර්ජාලයේ සහ මාධ්‍යවල පලවූයේ තමා යටතේ ඇති ප්‍රභු ආරක්ෂක අංශ ප්‍රධානීන් මගින් ප්‍රභුවරුන්ගේ ආරක්ෂකයන්ට යොමුකළ ලිපිය බවද ඔහු පැවැසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියෙක් ද ප්‍රභුවරුන්ගේ ආරක්ෂකයන් වෙත යොමු කළ ලිපියේ අඩංගු කරුණු දැන සිටි බවද ප්‍රියලාල් දසනායක මහතා කොමිසම හමුවේ කීය.

එවකට කථානායකවරයාගේ ආරක්ෂක අංශයට මෙම තොරතුර ලබාදුන් බව ද ඔහු කියාසිටියේය.

එහෙත් ඒ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත්ව සිටියේ දැයි තමා නොදන්නා බවද කොමිසම හමුවේ ප්‍රියලාල් සදනායක මහතා වැඩිදුරටත් කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්