නවතම පුවත්

ප්‍රමිතියෙන් තොර බීජ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මිලියන 38ක් පාඩුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2014 වසරේ සිට 2019 දක්වා කාලය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කළ රුපියල් මිලියන 38ක් පමණ වටිනා එළවළු බීජ, පැළවීම හා  දුර්වල වීම හේතුවෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර ඇත

එම කාර්යාලයට අනුව අදාළ කාලසීමාව තුළ එළවළු බීජ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පර්යේෂණ සිදුව නොමැති අතර එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ කාර්ය සාධනයට අදාළ විගණනයකදී තහවුරු වී ඇත්තේ රටට වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් සිදු කර නොමැති බවය.

අවශ්‍යතාවට ගැළපෙන පරිදි බීජ නිෂ්පාදනය සිදුවී නොමැති බවත්, බීජ තොග ගබඩා කිරීමේ පටිපාටියේ ගැටලු රැසක් දක්නට ලැබෙන බවත් එම විගණනයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත ..

1997 වසරේදී සම්මත වූ බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය බීජ පිළිබඳ ප්‍රතිපත්තිය ලෙස සැලකෙන අතර මෙතෙක් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් වී නොමැත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්