නවතම පුවත්

ප්‍රයිවට් බස්වලට රජයෙන් උපරිම සහන

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ්‌ වසංගත තත්වය හේතුවෙන්‌ වසර එකහමාරකට පමණ ආසන්න කාලයක්‌ පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස්‌ රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස්‌ රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහන ලබාදෙන ලෙස ප්‍රවාහන අමාන්‍යා පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන්‌
සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාල නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

ඊයේ (28) දින පෞද්ගලික බස්‌ රථ ගිමියන්‌ සමඟ ප්‍රවාහන අමාන්‍යංශයේදී පැවති සාකච්ඡාවකින්‌ අනතුරුව අමාත්‍යවරිය නිලධාරීන්හට මෙම උපදෙස්‌ ලබාදෙන ලදී.

මෙගිදී පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ නියොපිතයින්‌ අමාත්‍යවරිය වෙන කරුණු දක්වමින්‌ කියා සිටියේ, බස්‌ රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක්‌ ලබාගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක්‌ ලබා දීම, බලපත්‍ර රහිතව ආයතන සේවකයන්‌ ප්‍රවාහනය කරන මුවාවෙන්‌ මගී ප්‍රවාහනය කිරීම නැවැත්වීම, ලංගමය සඳහා අන්තර්‌ පළාත්‌ ධාවනයට අවසර දී ඇති බැවින්‌ එම අවසර ලබාදීමේ ක්‍රමවේදය
ඒකාබද්ධව සකස්කර පෞද්ගලික බස්‌ ධාවනයටද අවස්ථාව ලබාදීම යන කරුණු පිළිබඳවයි.

මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින්‌ ධාවනය වන බස්රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද මෙගිදී කරුණු දක්වමින්‌ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.

එමෙන්ම අදාල ඉල්ලීම්‌ තමා වෙත ලිඛිතව ලබාදෙන ලෙසත්‌ මේ සඳහා උපරිම සහනයක්‌ ලබාදීමට තමා කටයුතු කරන බවත්‌ කිසි විටෙකත්‌ පෞද්ගලික බස්‌ කර්මාන්තයේ බිද වැටීමට ඉඩ නොදෙන බවත්‌ අමානාවරිය වැඩිදුරටත්‌ පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි