ප්‍රවේශමෙන්: එළිමහනට යද්දී අනිවාර්යයෙන් අව්කණ්ණාඩි පළඳින්න

Picture of අසංක

අසංක

මේ දිනවල එළිමහනේ ගමන් කිරීමේදී අව් කණ්නාඩි පැළඳීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී .

එළිමහනේ මේ දිනවල පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් මෙසේ අව් කන්නාඩි පැළඳීම අවශ්‍ය වන බව ජාතික අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥයින් සඳහන් කර ඇත.

පවතින මෙම අව් රශ්මියට නිරාවරණය වීම හරහා ඇස්වලට බලපෑම් එල්ලවිය හැකි බව මෙහිදී විශේෂඥයින් පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් අව් කණ්නාඩි තෝරාගැනීමේදී ප්‍රමිතියකින් යුත් කණ්නාඩි තෝරාගැනීම වැදගත් බව ඔවුන් සඳහන් කරති