රට තුල පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්රදේශ අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම මේ වනවිට ගැටලුවක් ව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
වියළි කාලගුණයත් සමග පානීය ජලය ලබාගන්නා ජලමූලාශ්ර රැසක් සිඳීයමින් පවතින බැවින් මෙම තත්වය උද්ගතව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත.
ඒ අනුව ඉදිරියේදී ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට කටයුතු කරන ලෙසද මෙම නිවේදනය හරහා මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.