නවතම පුවත්

ප්‍රහාරක ගුවන් යානා ගෙනයන අමෙරිකානු නෞකාවේ සෙබලු 5000ක් කොරෝනා අනතුරේ

අසංක

අසංක

අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවේ සේවය කරන නාවික භටයින් 23 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එහි රැඳී සිටින මුළු නාවික සෙබළු සංඛ්‍යාව 5000ක් වන අතර ඔවුන් සියලු දෙනාම පරීක්ෂාවට ලක්කිරීමට සූදානම් වෙයි.

මේ වන විට USS Theodore Roosevelt නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කළාපයේ රැඳී සිටියි.

එහෙත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුආම් දුපත කරා රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බව ජේෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෞකාවේ සිටින සියළු භටයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට අමෙරිකානු බලධාරින් පියවර ගැනීමට නියමිත ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි