ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පෙර පාසල්, පාසල්වල ප්‍රාථමික පංති සහ උපකාරක පංතිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේ ඒ සඳහා දින ඉදිරි සති දෙක තුළ නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි.
“මුළු රටේම අපි විවෘත කරලා තියෙන්නේ පාසල් 5100යි. ඒ පාසල් සඳහා පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය දැන් 52% ඉක්මවමින් පවතිනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්න සියලුදෙනාගේ සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
දැන් අපේ තීරණය වෙලා තියෙන්නේ පෙරපාසල්, පාසල්වල ප්‍රාථමික අංශ සහ උපකාරක පංති සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටත්ව ජනවාරි මාසය තුළ ආරම්භ කිරීමට. ඒ දින ඉදිරි සති දෙක තුළ නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරනවා.” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.