නවතම පුවත්

ඉන්ටර්නෙට් දේශීය ඖෂධ වට්ටෝරු  ගන්න එපා 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු කොවිඩ්-19 වෛරසය මර්දනයට භාවිතා නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
දේශය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන බව හෙතෙම පෙන්වා දෙයි.
 එම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙසත් එම අමාත්‍යාංශය පවසයි.
ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේ දී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
තම ශරීර ප්‍රතිශක්තිය වර්ධන උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා  දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම තවදුරටත් පිළිපැඳීම අත්‍යාවශ්‍ය බව ද එම අමාත්‍යාංශය කියා සිටී.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි