නවතම පුවත්

ගුවන් නියමු අභිනන්දන් ඉන්දියාවට පැමිණීමේ සජීවි විකාශය Video

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාකිස්ථාන ගුවන් හමුදාවේ අත්අඩංගුවට පත්වූ ගුවන් නියමු අභිනන්දන් වරත්මාන් ඉන්දියා පකිස්ථාන දේශ සිමාව හරහා ඉන්දියාව පැමිණීමේ සජීවි විකාශය

YouTube player

පකිස්තාන අත් අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් මීට සුළු වෙලාවකට පෙර පංජාබයේ, වගා ප්‍රදේශයේ ඉන්දු පකිස්තාන දේශසීමාවෙදී නැවත ඉන්දියානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවේය.

ඉන්දීය ගුවන් නියමුවා නිදහස්වීම දැක ගැනීම සඳහා ඔහුගේ දෙමව්පියන්ද අද උදෑසන චෙන්නායි සිට දිල්ලි නුවර දක්වා පැමිණ සිටියහ

එසේම ඉන්දීය ගුවන්ඔ නියමුවා භාර දෙන අවස්ථාව දැක බලාගැනීම සඳහා ත් විශාල ජනකායක් ඉන්දීය දේශසීමාව අසල රැදි සිටියහ. ඉන්දීයාවේ සමාජ මාධ්‍ය තුළ වීරයෙකු බවට පත්වු ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා පංජාබයේ, වගා හී පිහිටි ඉන්දීය පාකිස්ථාන දේශසීමාව අසළදී අද පස්වරු 3 ට පමණ භාරදීමට නියමිතව තිබුණු නමුත් පසුව එය තරමක් ප්‍රමාද විය . පසුගිය අඟහරුවාදා කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට පාකිස්ථානය වෙඩි ප්‍රහාර එල්ල කිරිමත් සමග එක් යානයක් පාකිස්ථාන පාලන ප්‍රදේශයට හා අනෙක් යානය ඉන්දිය පාලන ප්‍රදේශයට කඩා වැටුණේය. එහිදී පාකිස්ථාන ප්‍රදේශයට කඩා වැටුණු ‘MiG21’ වර්ගයේ ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයේ සිටි ගුවන් නියමුවෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් තම භාරයට ගනු ලැබුවේය. දෙරට අතර ඇතිවු යුද ගැටුම සමනය කරනු වස් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (28) සිය පාර්ලිමේන්තුව අමතමින් දෙරට අතර “සාමය සඳහා වූ පියවරක්” ලෙස ඉන්දීය ගුවන් නියමුවා නැවත ඉන්දියාව වෙත භාර දෙන බව ප්‍රකාශ කළේය .

පැතුම් වික්‍රමරත්න /උමංග බණ්ඩාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්