පාඨලීගේ රියැදුරුට ඇප

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී සිල්වා මහත්මිය අද නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කර ඇත්තේ නීතිපතිවරයාගේ විරෝධතා නොතකා ය.

රුපියල් 250,000 බැගින් වූ ශරීර ඇප 2ක් මත එම සැකකරු මුදාහැරිණ.

ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කරන ලෙසට ද නියෝග කෙරිණ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් සිදුකර තොරතුරු වසන් කිරීම, රියැදුරු මාරු කිරීම ඇතුළු චෝදනා යටතේ, පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකරු මොහුය.