ජනමතයට ගරු කරමින් ඇමැති ධූරවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය ඔස්සේ මේ වනවිට පාඨලී චම්පික රණවක හා අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පාඨලී චම්පික රණවක මහතා ද ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ද ඉල්ලා අස්වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඊයේ සිට එජාප ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිය අමාත්‍ය හා තනතුරුවලින් ඉල්ලා අස්වීමට පටන් ගත්තේ පරාජය බාරගනිමින් සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත්වීමෙන් පසුවය.
මේ වනවිට අමාත්‍යවරුන් 10ක් හා විවිධ තනතුරුවලින් මන්ත්‍රීවරයකු ද ඉල්ලා අස්වී තිබේ.