රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ‘අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව’ නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා, රාජිත සේනාරත්න මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් ද මහ සංඝරත්නය ඇතුලු විශාල පිරිසක්ද සහභාගී වූහ.