නවතම පුවත්

කොළඹ පාර්කින් මීටරෙනුත් මිලියන ගණනක් ගසාකාලා

අසංක

අසංක

රථ වාහන ගාල් කිරීමේ මීටර සවිකිරීමට අදාළ ගනුදෙනුවකදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් මේ වනවිට කොළඹ නගර සභාවට අයවිය යුතු රුපියල් මිලියන 30 කට අධික මුදලක් අහිමිවී ගොස්ඇතිබව අනාවරණය වේ.


මෙම මීටර සවිකිරීමේ කටයුත්ත භාරදී ඇති පුද්ගලික සමාගම , එම මීටර හරහා ජනතාවගෙන් අයකරගන්නා මුදල් නිසි පරිදි නගර සභාවට ලබාදී නැති බවද වාර්තාවේ.


නගර සභාව සමග අත්සන් තබා ඇති ගිවිසුමද මෙම සමාගම විසින් උල්ලංඝනය කර ඇති බවත් , එහෙදී ගෙවිය යුතු දඩ මුදල් පවා සමාගම නිසි පරිදි ගෙවා නොමැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගොනවෙල මහත්මිය අප වෙත පැවසීය.


මෙම අක්‍රමිකතාවයට නගර සභාවේ බලධාරීන් වගකිවයුතු බවත් , එම නිලධාරීන් මෙහිදී සමාගමට එරෙහිව නිසි පියවරයන් ගැනීම පහර හැර ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.


තමන් මේ පිළිබඳව පොලීසියට ද දැනුම් දුන් බවත් , ජනතාවගේ මුදල් පුද්ගලික ආයතනයක් විසින් මෙසේ අයුතු ලෙස ලබාගැනීම බරපතල වංචනික කටයුත්තක් බවත් අය පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්