පාතාලයේ 2ක් ග්‍රෑන්ඩ්පාස්හිදී මරාදමලා

Picture of අසංක

අසංක

ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කනත්ත අසලදී අද පස්වරු 4ට පමණ පාතාල සාමාජිකයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මොවුන් දෙදෙනාට මන්නා පිහිවලින් පහරදී පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

ඝාතනය සිදුකර ඇත්තේ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිට මෑතකදී නිදහස් වූවන් කණඩායමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.