නවතම පුවත්

පාර්ලිමේන්තුවට යන්න ආසන 196ක් වෙනුවෙන් 7452 නෙක් අද තරග බිමේ

අසංක

අසංක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරා පත්කර ගැනීම සදහා වන මහමැතිවරණ ඡන්ද විමසීම අද (5) පැවැත්වේ. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කින් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම අද (05) උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මන්ත්‍රී ආසන 196 වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 20කින් සහ ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර තරග වදී. සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ඒ ඒ දේශපාලන පක්ෂවලින් ජාතික ලැයිස්තුව සදහා නම් කරන ලද මන්ත්‍රීවරුන් ය.

2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූපහකි.

වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන 17,85,964කි.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව සිටින්නේ වවුනියා, මුලතිව් හා මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්ක 3 න් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දෙලක්ෂ අසූහත්දහස් විසිහතරකි.

දිවයින පුරා පූර්ණ වශයෙන් විෂබීජහරණය කරන ලද ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත කර ඇති අතර අදාළ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඊයේ අවසන් කෙරුණි.

මහ මැතිවරණ ප්‍රතිඵල අගෝස්තු 6 වැනි දා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමටත්, අගෝස්තු 7 වැනි දා මනාප ප්‍රතිඵල නිකුත් කිරීමටත් හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්