නවතම පුවත්

පාර්ලිමේන්තුවෙන් ජනතා ගැටලුවලට විසඳුමක් නැහැ – රනිල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ පවතින ගැටලුවලට පාර්ලිමේන්තුවෙන් විසඳුම් සෙවීමක් සිදුනොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියා.

තමන් කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැති බවත්, රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්‍රභාකරන් සමඟ “චැට් “එකක් දැමු බවයි හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

තමා රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් වැරදි ප්‍රකාශයක් කර තිබූ බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා තමා නොව රාසමාණික්කම් මන්ත්‍රීවරයා නම් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පදිරිප්පු ආසන සංවිධායක කම ලබාගත් බව කියා සිටියා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා,

“ඇත්තවශයෙන්ම ඒක දිහා බැලුවහම මිනිස්සු කියල තියෙන දේ මේ මුළු පාර්ලිමෙන්තුවටම සාප කරනවා. අපි මේ දවසත් නාස්ති කළා කියලා. අපි නිකන් ගහගන්නවා. ආණ්ඩුවයි විපක්ෂයයි ගහගන්නවා. විපක්ෂයයි ආණ්ඩුවයි ගහගන්නවා. විපක්ෂයයි විපක්ෂයයි ගහගන්නවා.අද අපි දිහා බලාගෙන ඉන්නේ, අපි එන හැමතැනම ඩීසල් නෑ. ගන්න මුදල් නෑ. ආහාර නෑ. අපි දන්නේ නෑ ජූනි මාසේ වෙනකොට මොකක්ද තත්ත්වය කියලා.

බැරිද මේ සභාවට ඒක හොයලා දෙන්න. අද අපිට එකඟවෙන්න තියෙන්නේ ඒ මිනිස්සු එකක මේක හොර ගුහාවක් කියලා. කරන්න බැරිනම් ගෙදර යන්න කියලා. අපි මුකුත් කරලා නෑ. මේ කාලසීමාව තුළදී අපි නිකන් කතාකළා. අපි මඩ ගැහුවා. එච්චරයි අපි මේ සභාවේ කරලා තියෙන්නේ. එතකොට ජනතාවට කියනවද අපි එක්ක ඉන්න කියලා. අපි ගැන විශ්වාසය තියෙනවාද.

අදත් එක දවසක්. අපි මේ ගැන හරියට කතාකළේ නැත්නම් අපිට අනාගතයක් ගැන හිතන්න එපා. ඊයේ මොකක්ද අම්පාරේ වුණේ. ? පොලිසියේ කී දෙනෙක්ට ප්‍රශ්න ඇති වුනාද ? මේ කියන මන්ත්‍රීතුමාගේ ගෙදර වටකලොත් මේ කොහාටද යන්නේ. අපි කොතැනට ද යන්නේ. “

“මේ රටේ ප්‍රශ්න විසඳන එකයි තියෙන්නේ. ඒකයි අපි ආණ්ඩුවට කිව්වේ. කරුණාකරලා මේක විසඳන්න, රටේ ජනතාව කියන්නේ රාජපක්ෂවරු යන්න කියලා. මම ඉන්නවා විශ්වාසභංග යෝජනාවේ. මගේ සහයෝගය අවශ්‍ය නැත්නම් කියන්න අයින් වෙලා ඉන්නම්. මට ප්‍රශ්නයක් නෑ. අපි මෙතනට ඇවිල්ලා නිකන් කෑ ගහලා කතාකරලා යනවානම්. මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි.

මම කියන්නේ මෙතන මේ සභාවේ අද අපි මොකක්ද කරන්නේ කියලා තීරණය කරමු කතාව පටන්ගන්න ඉස්සෙල්ලා අපිට මේක ගෙනියන්න බැරිනම් ගරු කථානායක තුමා මේක නවත්වලා ගෙදර යමු. ආපහු පැය 6ක් මෙතන ඉඳලා ටෙලිෆෝන් වලින් සමාජ මාධ්‍යවලින් බැනුම් අහන්න අපිට ඕන නෑ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්