පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් සේයාරූ දාලා – හැක් කළ ගිණුම යථාතත්වයට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න 

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.

මෙම සයිබර් ප්‍රහාරය ඊයේ රාත්‍රියේ මිනිත්තු 25 කට ආසන්න කාලයක් ක්‍රියාත්මකව ඇත.

එම කාලය තුල එම ගිණුමේ නිරුවත් ජයාරූප ආදිය පළකර තිබු බව වාර්තා වේ.

අද අළුයම් කාලය වන විය යළි පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවූ බවත් මේ පිළිබඳව දැනටමත් විශේෂ පරීක්ෂනයක් ආරම්භ වී ඇති බවත් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂක ශාන් විජේතුංග මහතා ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවසීය.