පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශයට පත් කිරිම හෙට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට (21) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විතයඑහි පළමු රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

චමල් රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද , මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ , මහින්ද යාපා අබේවර්ධන , රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත් , රිෂාඩ් බදියුදීන් , පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.

එම මන්ත්‍රීවරුන් 17 දෙනා පවත්නා සභාවාරය තුළදී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතුය.