නවතම පුවත්

පාරෙ ලයිට් ගිවිසුමෙන් කොළඹ මහනගර සභාවට මිලියන 3700ක පොල්ලක්

අසංක

අසංක

කොළඹ මහනගර සභා සීමාව තුල වීදි ලාම්පු ආරක්ෂක කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් සඳහා එම නගර සභාව පුද්ගලික ආයතනයක් සමග ඇති කරගෙන ඇති ගිවිසුම හරහා රුපියල් මිලියන 3760ක අලාභයක් නගර සභාවට අත්වන බව, සභාවේ තාක්ෂණික ඇගයීම් කමිටුව හා නාගරික භාණ්ඩාගාරික ඉදිරිපත් කර ඇති වාර්තාවක දැක්වේ.

වසර විස්සක් සඳහා මෙම ගිවිසුම අත්සන් තබා තිබීම හේතුවෙන් මෙසේ විශාල පාඩුවක් හා අලාභයක් නගර සභාවට අත්වන බවද මෙම වාර්තාවේ දක්වා දක්වා ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා නගර සභාවට බරපැනක් දැරිය යුතු නැති බව මුලින්ම සභාවට ඉදිරිපත්වූ යෝජනාවේ දක්වා ඇතත් , ගිවිසුමට අනුව නගර සභාවට විශාල මුදලක් වැයකිරීමට සිදුවනු ඇති බවද මෙම තාක්ෂණික ඇගයීම් කමිටුව හා නාගරික භාණ්ඩාගාරික වාර්තාවේ පැහැදිලි කර ඇත.

ගිවිසුම හරහා අදාළ පුද්ගලික ආයතනයට , 2030 වසර දක්වාම වීදි නාමපුවරු සවිකිරීමට , බස් නැවතුම් ආවරනවල ප්‍රචාරණ කටයුතු කිරීමට පූර්ණ අධිකාරි බලයක් හිමිවන බවද වාර්තාවේ දැක්වේ.

නගර සභා සීමාව පුරා , අවශ්‍ය පරිදි සී සී ටී වී කැමරා පද්ධති සවිකිරීමටමෙන්ම ඒවායේ දත්ත පරිහරහණය කිරීමට මෙම ගිවිසුම හරහා අදාළ පුද්ගලික ආයතනයට පූර්ණ බලතල ලැබෙන බව ත් තාක්ෂණික ඇගයීම් කමිටුව විශේසහයෙන් සඳහන් කර ඇත.

මේ තත්වයන් මත අදාළ ගිවිසුම හරහා නගරසභාවට විශාල මූල්‍යමය පාඩුවක් සිදුවන බවත් , එසේම නගර වැසියන්ගේ ආරක්ෂාවට හා පුද්ගලිකත්වයට හානි එල්ලවන බවත් නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවෙල මහත්මිය ලිපියක් මගින් බස්නාහිර ආණ්ඩුකාර එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත දැනුම් දී ඇත .

එසේම තාක්ෂණික ඇගයීම් කමිටුවේ හනාගාරික භාණ්ඩාගාරික වාර්තාව මගින් , මෙම ගිවිසුම අන්ත දූෂිත එකක් බව තහවුරු වන බවත් ඒ ගැන වහා සොයා බලන ලෙසත් ගෝනවෙල මහත්මිය මෙම ලිපිය මගින් අවධාරණය කර ඇත .

කවුරුන් හෝ පුද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් කොළඹ මහනගර සභාව සතු සම්පත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හා ගොඩනැංවීමට උත්සහ දරන බවද මෙම වාර්තා මගින් පැහැදිලි වන බව ඇය තම ලිපියේ දක්වා ඇත.

කොළඹ නගර සභාට අධිකලෙස පාඩු සිදුකර , මුදල් උපයාගැනීමට පිරිසක් උත්සාහ කරන බවද මෙමම වාර්තාව හරහා පෙනී යන බව ගෝනවෙල මන්ත්‍රීවරිය තම ලිපිය මගින් අවධාරණය කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්