පාලන මිල ඉක්මවා හාල් විකුණූ මුදලාලිලා 700කට නඩු

Picture of අසංක

අසංක

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කළ වෙළෙඳුන් 703 දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වනවිට නඩු පවරා ඇති බව වාර්තාවේ.


දිවයින පුරා කළ වැටලීම්වලදී මෙම වෙළඳුන් හඳුනාගනු ලැබූ බවත් දැනට පරීක්ෂා කර ඇති වෙළෙඳසැල් ගණන 22,000 කට ආසන්න බවත් අධිකාරිය පවසයි.


පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් පිළිබඳ දැනුම් දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටී