නවතම පුවත්

පාලම් පුපුරවන කතාව කෙප්පයක් ! මෙන්න ඇත්ත

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ / රමේෂ් වරල්ලෙගම

ජාතික තව්හිද් ජමාත් (එන්.ටී.ජේ) ත්‍රස්තවාදීන් පාළම් පුපුරවා හරින සැලැස්මක සිටින බවට පොලිස් නිවේදනයක් පදනම් කරගනිමින් ජාතික පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක අද දින ප්‍රචාරය කර තිබෙන ප්‍රවෘත්තිය තහවුරුකරගත් බුද්ධි තොරතුරක් මත ඉදිරිපත් නොවු බව ද කළම්බු එක්ස්ප්‍රස් අධ්‍යනයන්ට අනුව පැහැදිලි වී තිබේ.

ද කළම්බු එක්ස්ප්‍රස් වෙබ් අඩවියට දැනගන්නට ලැබී ඇති පරිදි අදාල තොරතුර සන්නිවේදනය වීම දක්වා සිදුව ඇති කතා නාටකය මෙසේය.
මෙම තොරතුර මුලින්ම පැමිණ ඇත්තේ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටය. ඒ ඔහු යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කළ දැනුම් දීමකට අනුවය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සිට බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති යටතේ සේවය කිරීමට ස්ථාන මාරුවක් ලැබු මෙම පොලිස් පරික්ෂකවරයා අදාල බුද්ධි තොරතුර සන්නිවේදනය කර ඇත්තේ මෙසේය.

කැළණි පාළම සී.4 කිලෝ 3000ක් දාලා පුපුරවන සැලැස්මක් ගැන තොරතුරු තිබෙනවා. යැයි අදාල පොලිස් පරීක්ෂකවරයා හෙළි කර ඇති අතර අදාල තොරතුර සත්‍යදැයි ඇසුවිට ඔව් එය ඉතා සමීප ඉතාලියේ වෙසෙන මිතුරෙකුගේ මාර්ගයෙන් සොයාගත්තක් බව දේශබන්දු තෙන්නකෝන් මහතාට පවසා තිබේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම පණිවුඩය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට දුරකථන ඔස්සේ දැනුම් දී ඇත. ඒවනවිට නන්දන මුණසිංහ මහතා සිට ඇත්තේ මැයි 01 වැනිදාට යෙදුනු රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ගුණ සමරු උත්සවයේය.

මෙම තොරතුර නිවැරදිදැයි විමසු විට දේශබන්දු තෙන්නකෝන් මහතා ඊට පිළිතුරු දෙමින් තමන් ළග ඉන්න පොලිස් පරීක්ෂකවරයෙක් අදාල තොරතුර ඉදිරිපත් කළ බව සනාථ කර තිබුණේය. ඒ අනුව නන්දන මුණසිංහ මහතා වහාම මේ බව වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පවසා තිබේ.

අදාල තොරතුර ඉතා සමීප බුද්ධි තොරතුරක්දැයි විමසා ඇති වැඩබලන පොලිස්පතිවරයා රහසිගත ලියුමක් ලෙස මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරන්නැයි ඉල්ලා සියලුම පොලිස් ස්ථානවලට ලිපියක් මගින් මෙම තොරතුර සන්නිවේදනය කර ඇත. නමුත් ද කළම්බො එක්ස්ප්‍රස් වෙත ලැබෙන විශ්වාසනීය ආරංචි අනුව වැඩබලන පොලිස්පතිවරයා අදාල තොරතුර සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගෙන් විමසා ඇත්තේ මෙය නිවැරදි තොරතුරක් විය හැකිද යන්නයි. පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3000ක්. ඒ කියන්නෙ සිමෙන්ති කොට්ට 60ක් නේ. යැයි විමසා ඇත. නමුත් ඒ අවස්ථාවේ නන්දන මුණසිංහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් සොයා බැලු බවත්, පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකුවන සහකාර පොලිස් අධිකාරි සමරනායකගෙන් මේ සම්බන්ධව විමසා බැලු විට පාළමක් පුපුරවා හැරීම සදහා සීෆො පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 500 ක් වුවත් ප්‍රමාණවත් බව සදහන් කර ඇත.

එසේ හෙයින් වැඩබලන පොලිස්පතිවරයා නිවේදනයට අදාල තොරතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ගේ නම සදහන් කරමින් අවධානාත්මක ලිපිය පොලිස් ස්ථාන වලට යොමු කර තිබුණේය. අනෙක් කරුණ වන්නේ මෙතෙක් එන්.ටී.ජේ ත්‍රස්තවාදීන් සංතකයේ තිබි සොයාගෙන ඇත්තේ සීෆෝ කිලෝ 4ක් තරම් අවම ප්‍රමාණයක් වීමයි. අන්තර්ජාලය ඔස්සේ තොරතුරුගෙන බෝම්බ හැදුබව කියන මෙම ත්‍රස්තවාදීන් තමන්ගේ බෝම්බ සදහා යොදාගෙන ඇත්තේ ඔවුන් විසින්ම අන්තර්ජාල තොරතුරුමත සකසා ගත් පුපුරන දව්‍ය සාන්ද්‍රනයකි. අවදානමට පෙර සුදානම හොදය. නමුත් මෙම පාළම් පුපුරවන කතාව තහවුරුකරගත් බුද්ධි තොරතුරක් මත පොලිස් හෝ වෙනත් බුද්ධි අංශ කාර්යංශයකට ලද තොරතුරක් අනුව ඉදිරිපත්වු තොරතුරක් නොවීම විශේෂත්වයකි. ඇතැම්විට තස්ත්‍රවාදීන්ට මෙවැනි නිවේදනයක් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියාවලියක් සදහා උත්තේජනයක් විය හැකිය. මේ නිසා තොරතුරු වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් පමණක් නොව තොරතුරු අදාල අංශ වෙත බලයලත් නියෝජිතයන් සන්නිවේදනය කිරීමේදී තහවුරුකරගත් තොරතුරු පමණක් යොමු කිරීමට වග බලාගැනීම වැදගත්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්