අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය අද දිනයේ දී යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පවසයි.
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 177.41 ක් ලෙසින් සටහන් විය.
විකුණුම් මිල සටහන් වූයේ රු. 181.28 ක් ලෙසිනි.
මේ අනුව පසුගිය දෙසැම්බර් 12 වනදායින් පසුව ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම විකුණුම් අගය මෙලෙස අද දිනයේ වාර්තා වී ඇත.
දෙසැම්බර් 12 දින ඩොලරයේ විකුණුම් මිල සටහන් වී තිබුණේ රු. 181.06 ක් ලෙසයි.
මේ අතර මහ බැංකු විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ එතැන් අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) 2018 දෙසැම්බර් 18 වනදායින් පසුව මුල්වරට අද දින රු. 180 න් පහළට පැමිණ තිබේ.
ඒ අනුව අද දින ඩොලරයක නිරූපිත එතැන් අනුපාතිකය සටහන් වූයේ රු. 179.8821 ක් ලෙසයි.
පැතුම් වික්‍රමරත්න