නවතම පුවත්

පාසල්වල උත්සව තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
පාසල්වල සියලුම අකාරයේ උත්සව  පැවැත්වීම අත්හිටුවන ලෙස  අධ්‍යාපන ලේකම්වරයා  උපදෙස් දී ඇත
පවතින කොරෝනා වසංගතය හමුවේ ඇති අවදානම් හා අනාරක්ෂිත තත්ත්වය මත මෙම උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත ..
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, කොවිඩ් -19 වසංගත තත්ත්වය මත පවතින අවදානම් හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි .
වත්මනෙහි දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කර ඇත .
ඒ අනුව, පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට තිබේ.
ඒ අනුව, දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද , ඉදිරියේ සැලසුම් කර ඇති උත්සව ද නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කරයි .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්